හය මස් ගැබිණි ගුරුවරියක් පැදවූ මෝටර් රථයකට තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිට දී වල් අලියෙකුගේ ගැටී එම අලියා මෝටර් රථය මතට ඇද වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර ගැබිණි කාන්තාව සහ ඇගේ තුන් හැවිරිදි දරුවා සුළු තුවාල ලබා බේරි ඇතැයි පොලිසිය කියයි.
අද අළුයම 05.40 ට පමණ සිදුවූ අනතුරෙන් ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක් හා ඇගේ තුන් හැවිරිදි දියණිය සුළු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මෝටර් රථයේ හැපුණ අඩි හයක් පමණ වන අලියා කාරය මතට ඇද වැටී ඇත. අලියා ඇද වැටීමෙන් පසු මෝටර් රථයේ සිරවී සිටි මව සහ දියණිය අසල්වාසීන් විසින් බේරාගෙන ඇත.

