දක්ෂින අදි වේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා බෙන්තොට ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ පහලොවක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල, මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් ආර්.ඒ.ජේ රාජපක්ෂ මහතා විසින් ලබන නම වෙනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබීය.
මතුගම පොලිසිය ඔහු අද අදිකරණයට ඉදිරිපත් කළේය. ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකුද පෙනී සිටි අතර සැකකරු අසනීපයෙන් පෙළෙන බව ඔහු උසාවියට දැන්වීය.
ඔහු බන්ධනාගාර රෝහලට ප්‍රථිකාර සදහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.