වරෙන්තු නිකුත් කිරීමෙන් පලක් නෑ


පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් නැතිව වරෙන්තුවක්  කිරීම පල රහිත යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. උසාවියෙන් දෙන එවැනි නියෝගය ඉන්ටර්පෝල් පොලිසියට දැන්විය යුත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් වීම ඊට හේතුව බව ද මහේස්ත්‍රාත් පැවැසීය. ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන නඩුවේ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ඉල්ලා සිටියේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවැසුයේ වරෙන්තුව නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලනවාට වඩා අභියාචනාධිකරණයෙන් සහන ලබා ගන්නට බලන ලෙසයි.