(යොහාන් භාසුර)
ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් 800 න් 400 ක් පමණ නිදහස් කරගැනීමට හැකි වූ බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
කැබිනට් මණ්ඩලය ඊයේ (27) රාත්‍රී ගත් තීරණයට අනුව මහ බැංකුව ඩොලර් නිදහස් කළ හොත් සතිය පමණ කාලයකදී සම්පූර්ණ කන්ටේනර් ප්‍රමාණය නිදහස් කරගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන බව ද ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකවරයා කීය.
මහ බැංකුවෙන් ඇතැම් බැංකුවලට ඩොලර් නිදහස් කර තිබූ බව කී එම ප්‍රකාශකයා ඔහුගේ සමාගම ගණුදෙනු කරන බැංකුවට ඩොලර් ලැබී තිබුණ ද ඇතැම් ආනයනකරුවන්ගේ බැංකුවලට ඩොලර් ඊයේ පස්වරුව දක්වා ලැබී නොතිබුණු බව ද සඳහන් කළේය.
මෙම කන්ටේනර් 800 ආනයනකරුවන් 50 ක පමණ එකතුවක් බව කී එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇතැම් බැංකුවලින් හෙට බලමු යැයි ආනයනකරුවන්ට පවසා ඇති තත්වයක් තුළ මොන බැංකුවට ඩොලර් බැර කළේ ද යන්න මහ බැංකුවෙන් විමසීමට හැකියාවක් ආනයනකරුවන්ට නොමැති බවයි.
අත්‍යවශය භාණ්ඩ කන්ටේනර් 800 ක් පමණ වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වී තිබීම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) රාත්‍රී රැස්වූ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව සඳහා අවශ්‍ය ඩොලර් කෝටි එකහමාරක් පමණ මහ බැංකුව හරහා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

