වරාය සේවකයෝ විදී බසිති


වරාය සේවක වැටුප්  ඉහළ නැංවීම ,විශ්‍රාම  ගැන්වීමේ වයස දීර්ඝ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්  වහා ඉල්ලමින් වරාය ඒකාබද්ධ  වෘත්තිය සමිති  එකමුතුව සංවිධානය කළ පෙත්සමකට  අත්සන් එකතු කිරීමක්  කොළඹ කොටුව  බ්‍රාන්  ඔරලෝසු කණුව ඉදිරිපිටදී  අද පැවැත්විණි.

ශ්‍රී ලංකා  වරාය අධිකාරියේ  වාර්ෂික ආදායම  ඉහළ නැංවීමට තමන් බොහෝ කැපවීමෙන් සේවය කරන නමුදු සේවක දීමනා කප්පාදු කරතියි උද්ඝෝෂකයෝ කියති.