වරාය වර්ජනය යළි


කොළඹ වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රියදුරන් සහ සහායකයන් පෙර දින රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අද දිනය පුරාම ක්‍රියාත්මක විය.

කොළඹ වරායේ බහාලුම් හුවමාරු පර්යන්තයේ වැඩ කටයුතු අඩාල විය.

අද දහවල් වරාය පොලිසිය මැදිහත් වී වරාය බලධාරීන් සමග සාකච්ඡා කිරීම සදහා වර්ජකයන්ට අවස්ථාවක් දුන්නේය.

එම බලධාරීන් පොරොන්දු වූ පරිදි විසඳුම් ලිඛිතව ලබා නොදීම නිසා වර්ජනය තවදුරටත් පවත්වන බව කන්ටේනර් ප්‍රවාහන ප්‍රයිම් රථ රියදුරන් සහ සහායකයෝ පවසති.

කන්ටේනර් රථ ප්‍රවාහකයන්ගේ සංගමය හා කන්ටේනර් රථ හිමිකරුවන්ගේ සංගම්වල සාමාජිකයින් ද මෙම වර්ජනයට එක්ව සිටිති.

දිනපතා වරාය ඇති වන ප්‍රමාදය නිසා දැඩි දුෂ්කරතා ඉවසා ගත නොහැකි මෙම වර්ජනය ආරම්භ කළ බව වර්ජකයෝ කියති.

නැව්වලින් ගොඩ බාන බහාලුම් ප්‍රයිම්මුවර් වලට පැටවීමේ දී ඇතිවන ප්‍රමාදය හා වරායේ නොයෙක් අංශවල සේවකයන්ට නොයෙක් ආකාරයෙන් සංතෝසම් දීමට සිදුවීම වැනි ගැටළු ගණනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇති වීමට හේතු වූ බව ද ඔවුහු කියති.

DSC_6730   DSC_6745 DSC_6765 DSC_6770