වරාය පුරේට තව පෙත්සමක්


කොළඹ වරාය නගරය ඉදිකිරීම සදහා කිසිදු ශක්‍යතා අධ්‍යන වාර්තා ගැන සැලකිල්ලක් නොදක්වා අදාල ඉදිකිරීම් වෙනුවෙන් රජය සතු ඉඩම් දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය  සංගමය  අද (7) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය .

සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පුනාන්දු මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා  වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්,මධ්‍යම පරිසර අධිකාරිය, අයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධනය අධිකාරිය, කොළඹ නගර සභාව, මාර්ග සංවර්ධනය අධිකාරිය, චයිනා කොමියුනිකේෂන් කන්ස්ටුක්ෂන් සමාගම නම්කරනු ලැබ සිටිති..

වරාය නගරයේ අක්කර  20ක භූමි ප්‍රමාණයක් ඉදිකිරීම් කරන චීන සමාගමට දී ඇත්තේ කිසිදු විමසීමකින් තොරව බවත්, වරාය නගරයට වෙන් කර ඇති ඉඩම් ගොඩකිරීමේ දි කොළඹ සහ මීගමුව දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත පවුල් 30000 ක ගේ ජීවනෝපායට බලපෑම්  එල්ලවන බවත්  කියා සිටිති.