වරාය නගරයේ පාසලක් - රෝහලක් - සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකෙරේ


(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක්, රෝහලක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් ද ඉදි කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් කොටස් දැනටමත් වෙන්කර ඇතැයි වාර්තා වේ.

කොළඹ වරාය නගරය ගොඩකරන ලද ඉඩම් හෙක්ටයාර් 440 කින් සමන්විත වේ.

ඉන් හෙක්ටයාර් 269 ක් අලෙවි කළ හැකි වන අතර එම ප්‍රමාණයෙන් 116 ක් ව්‍යාපෘති සමාගමට බදු දීමට නියමිතව ඇත.

තවත් හෙක්ටයාර් 62 ක් රජයට අලෙවි කළ හැකි ප්‍රමාණය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය සතුව තබා ගැනේ.ඉතිරිවන තවත් හෙක්ටයාර් 91 ක ප්‍රමාණය උද්‍යාන මාර්ග ආදි පොදු සංවර්ධන ප්‍රදේශ සඳහා වෙන් කෙරෙනු ඇත.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෘජු විදේශ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් කෝටි 140 ක් වේ.

මේ අතර වරාය නගර භූමියේ කුලුණු 5 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකෙරෙන අතර ඒ සඳහා කෙරෙන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක් පමණ වේ.