(දිනේෂ් උපේන්ද්‍ර )
සිය ඉල්ලීම් ලබාදෙනතෙක් කිසිදු නඩත්තු කටයුත්තක් නොකරන බව පවසමින් විදුලි සේවකයින් වර්ජනය කරමින් සිටින අවස්ථාවක රාත‍්‍රි කාලයේ දී විදුලිය හිතාමතා විසන්ධි කළැයි සැකපිට කුලියාපිටිය විදුලිබල මණ්ඩලයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
කුලියාපිටිය ඇස්සැද්දුම විහාරය අසල උපපොලේ විදුලිය විසන්ධි කළ බව කියන සැකකරු මේ දින වල සිදු කෙරමින් පවතින වර්ජනයට සහය පළකරන විදුලි සේවකයකු බවත් කියැවේ.
සැකකරු වර්ජකයින්ගේ රැස්වීමකටද සහභාගී වූවෙක් ද යන්න විමර්ශන කරන බව පොලිසිය කියයි.

