වරද පිළිගන්න සැරැසේ


ඊ.පි.ඩී.පි නායක ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට සෙල්වකුමාරි සත්‍යසිලි නම් කාන්තාව වරද පිළිගැනීමට සූදානම් යැයි විත්තිය කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී  පෙරේරා මහත්මිය හමුවේ කියා සිටියාය. 2004 දී මරාගෙන මැරෙන කොටියකු වූ ත්‍යාගරාජා ජෙයරාජ් සමග දේවානන්ද ඇමැති  මරා දැමීමට තැත් කළැයි ද පොලිසියේ දෙදෙනකු හා තවත් අයකු මරා දැමීයැයි ද ඇය චෝදනා ලැබ සිටියි. දේවානන්ද මහතා කලින් දිනක පැවැසුයේ ඇය තම පක්ෂයේ ආධාරකාරියක බවයි.  ඇයට දඬුවම් නොකළ යුතු බව තම පෞද්ගලික මතය වුවත් එය අධිකරණය සතු බලයකියි ඇමැති කීවේය.  නඩුව අගෝස්තු  පළමුවැනිදාට කල්තැබූ විනිසුරුවරිය නීතිපතිගේ මතය විමසන ලෙසද දැන් වූවාය.