(සුජිත් හේවාජුලිගේ)
රටපුරා වයස 18-30 අතර පිරිස් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් අද (2) ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
රටපුරා වයස18-30 අතර ලක්ෂ 37 කට අධික පිරිසක් සිටිති.
මේ පිරිසට කඩිනමින් එන්නත ලබාදී අවසන් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ උපදෙස් දුන්නේය.
ලබන ඔක්තෝබර් මාසයට පෙර වයස 18ට වැඩි පිරිස් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට හැකි වෙතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ සිටින 18-30 අතර වයස් කාණ්ඩවල ක්‍රියාකාරීන්ටද ඇඟලුම් කම්හල් ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි මෙම වයස් වල තරුණ තරුණියන් පිරිසකටද කොවිඩ් මර්දන එන්නත් යම් ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාව මත මුලදී ලබා දීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර ලැබෙන එන්නත හොඳම එන්නත යයි සිතා කඩිනමින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම ශ්‍රේණියකම පිරිස් මේ මොහොතේ ඉටුකරන සේවාව රටේ සියලු සියළු පුරවැසියන්ගේ ප්‍රසාදයට ලක්ව ඇතැයිද එනිසා එම සේවාවේ සාධනීය අවශ්‍යතා වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස උපරිමයෙන් පෙනී සිටින බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය

