වයස 102යි: කොල්ලෙක් වගේ දුවයි


ලොව වේගවත් වයස්ගතම කෙටි දුර ධාවන ශූරයා ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට ජපානයේ මයාසාකි හිදකිචි (102) සමත්විය. 2009 සිට දකුණු අප්‍රිකා ජාතික ස්ටීව් රොබින් නම් වයස්ගත පුද්ගලයා සතුව තිබූ මීටර් 100 ලෝක වාර්තාව මියාසාකි බිඳ දැමුයේ තත්තපර 28.83 කදීය. ලෝක වාර්තාව තැබීමෙන් උද්දාමයට පත් මයාසාකි ජැමෙයිකා ජාතික ලෝක ශූර හුසෙන් බොල්ට්ගේ අංග චලනය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළ බැවින් ඔහුට ‘රත්තරං බෝල්ට්‘ නමැති අන්වර්ථ නාමය පට බැඳිණි. තවත් මලල ක්‍රීඩා රැසකින් නව ලෝක වර්තාවක් තැබීමට මියාසාකි සැරැසෙයි.