වයඹ යුනයිටඞ් ලකුණු 56 කින් නැගෙනහිර නාගාස් පරදවයි


ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ දෙවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 56 කින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල පරාජය කරමින් තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය. වයඹ යුනයිටඞ් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 190 (තමීම් ඉක්බාල් 32, කම්රාන් අක්මාල් 11, මහේල ජයවර්ධන නොදැවී 96, කෞෂල්‍ය වීරරත්න 36, අජන්ත මෙන්ඩිස් 29/2) නැගෙනහිර නාගාස් පිල  ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 134 (ටෙ‍්‍රවිස් බි‍්‍රට් 25, උදාර ජයසුන්දර 13, ඇන්ජලෝ පෙරේරා නොදැවී 48, සචිත් පතිරණ 12, චතුරංග කුමාර 15/2, අකිල ධනංජය 18/3, ඉසුරු උදාන 17/2)