තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරයන් බවට පත්වීමට චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සමත් විය.
නවසීලන්ත ක‍්‍රීඩක එඞ් කොකර්ගේ නායකත්යෙන් යුත් දකුණ ශාර්ක්ස් පිල අනු ශූරයන් බවට පත්විය. පළමු අදියරේ අවසන් දිනය වූ අද (27) පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී වයඹ බ්ලැක්ස් පිල ලකුණු 41-7 කින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කිරීමට සමත් විය.
අවසන් මහා තරගයවයඹ බ්ලැක්ස් විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී. 41-7
තෙවැනි ස්ථානය ඌව වයිපර්ස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පරාජය කරන ලදී. 26-21
5 වැනි ස්ථානය මධ්‍යම කිංග්ස් විසින් බස්නාහිර වොරියස් පරාජය කරන ලදී. 14-0
7 වැනි ස්ථානය යාපනය චැලෙන්ජර්ස් විසින් උතුරු මැද ටයිපෝන්ස් පරාජය කරන ලදී. 19-7
9 වැනි ස්ථානය නැගෙනහිර ඊගල් විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. 17-12