වයඹ පිලෙන් ලකුණු 166 ක ඉලක්කයක්
ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 10 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 165 ක් රැස්කළේය.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 165 (තමීම් ඉක්බාල් 18, උමාර් අක්මාල් 65, මොහොමඞ් හෆීස් 23, මහේල ජයවර්ධන 11, දිනේෂ් චන්දිමාල් 12, කෞෂල්‍ය වීරරත්න 11, මිලින්ද සිරිවර්ධන 10, චාල් ලැන්ග්වෙල්ට් 36/3)

