(රංජන් කස්තුරි)
එල්ලංගා පද්ධති මගින් සැදුම්ලත් ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය බ්‍රහස්පතින්දා (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී පැවැත්වේ.
වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල-මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබාදීම සඳහා වන මොරගහ කන්ද - කළු ගඟ මහා වාරි ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘතියක් ලෙස වයඹ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් පද්ධතීන්ට ජලය සපයා වෑමැඬිල්ල හා දේවහූව යන මහා වාරි ව්‍යාපෘතිවල සුරක්ෂිත ජල සැපයුම ලබාදීම එහි අරමුණ බවද ජනාධිපතිවරයා කීය.
රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නගා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බවද මේ රටේ ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෘෂිකාර්මික ආයෝජන වල ප්‍රතිඵල මේ වන විට රටට හිමිවෙමින් තිබෙන බවද එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.