වඳුරඹ ගාලගෝට්ටියක්
වඳුරඹ ගුළුගහකන්ද සුමේධ සංගමයේ සත්මහල් මූලස්ථානයේ සිට ථෙරවාද බෞද්ධාගමේ සම්ප්‍රදායට පටහැනිව ධර්මප්‍රචාරයේ යෙදුණායැයි කියන පුද්ගලයකුට එරෙහිව භික්ෂූන් වහන්සේලා සිය ගණනක් සමග දෙදහසක් පමණ පිරිසක් අද සන්ධ්‍යාවේ උද්ඝෝෂණයක් කළහ. ඇදිරි වැටීමත් සමග එම මධ්‍යස්ථානයට ගල්මුල් ද එල්ල විය. කලබලකාරීන් විසිරවීමට පොලීසිය කඳුළුගෑස් ගැසූහ. කිහිපදෙනා තුවාල ලබන්නට ඇතැයි අපේක්ෂා කෙරේ.

