ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව දැඩි සේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින විල්මුවන් සංරක්ෂණය කිරීමට පිහිටවූ බෙන්තොට, ලුණුගල හොන්දූව අභය භූමියට ප්‍රථම විල්මුවන් දෙදෙනා මුදා හැරීම ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදුකැරුණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදුකැර තිබේ. ජෙෆ්රි බාවා භාරයට අයත් හොන්දූව, වනජීවී සංරක්ෂණ ආඥා පනත යටතේ විල් මුවන් සුරැකීමේ අභය භූමියක් ලෙස නම්කැර තිබේ. දකුණේ ඇල්පිටිය, හික්කඩුව, තෙල්වත්ත, අම්බලන්ගොඩ, බලපිටිය ආදී ප්‍රදේශයන්හි දැකිය හැකි විල්මුවා ජනාවාස ඇතිවීමත් සමගම වඳවී ඇතැයි කලකට ඉහත වාර්තා කැර තිබිණි.





