ලොව වඳ වී යන ශාඛ ලේඛනයට අයත් ගයිරිනොප්ස් වල්ල හෙවත් වල්ලපට්ටා හෙවත් පට්ට වැල් ඉන්දියාවට යැවීමේ ජාවාරමක් ඇතැයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුද හවුල් කැරගෙන ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකු තෙත් කලාපයේ රක්‍ෂිතවලින් මෙම ශාඛය කුඩා කැබැලි වලට කපා රට පටවතියිද එසේ පැටැවීමට සූදානම් කැර තුබූ කිලෝ 500ක් පමණ අත්අඩංගුවට ගත්තේ යැයි ද නිලධරයෝ කියති.
කිලෝ දහයකට හෝ විස්සකට ගැමියාට රුපියල් හාරපන්දාහක් දී එකතු කැර ගන්නා මෙම ශාඛයේ ග‍්‍රෑමයක් ඇමෙරිකා ඩොලරයක් ඩොලර් දෙකක් (රු. 135x270) මිලකට එතෙර අලෙවි වෙතියි කියති.
කලවාන අඩවි වන නිලධාරි එච්.ඒ.බී. හේරත්, බිට්ටු වන නිලධාරී බී.පී.එස්. වීරකෝන් හා සම්පත් සිසිර කුමාර මේ වැටැලීම කළහ.