කොළඹ බේස්ලයින් පාර අවහිර කරමින් වනාතමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කරන බව පොලිසිය කියයි. කිසියම් පිරිසක් එහි පුද්ගලයකු පැහැරගෙන ගියේ යැයි කියමින් මෙම උද්ඝේෂණය කරන බව ද දැන ගන්නට ඇත. මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.

