වන්දි ගෙවන්නට පෙර විදුලි රැහැන් අදී


වන්දි ගෙවන්නට පෙර වැලිගම පෞද්ගලික ඉඩම් කිහිපයක් උඩින් අදිබල විදුලි රැහැන් අදින්නට ආ විදුලි සේවකයන් පිරිසක් පහරකෑමට ලක්වී රෝහල් ගත කළ බව පොලීසිය කියයි. ඒ අතර විදුලි අධිකාරීවරු දෙදෙනෙක් ද වෙති. පහර දුන් බව කියන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බලධරයන් කියනුයේ පෞද්ගලික ඉඩම්වලට වන්දි ගෙවන බවයි. ඒ කාරිය ඇරඹී ඇති බවද ඔවුහු කියති.