වන්දි ඉල්ලා රෝගියෙක් නඩු මගට


(උපාලි ආනන්ද)


ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු කොන්දේ අමාරුවකට නොසැලකිලිමත් ලෙස ශල්‍යකර්මයක් සිදුකිරීම  නිසා ශරීරයේ ඉන්ද්‍රියන් අක‍්‍රීයත්වයට පත්ව ඇතැයි චෝදනා කරමින් රුපියල් ලක්ෂ සියයක වන්දියක් ඉල්ලා රෝගියකු අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට 2018  වසරේ පෙබරවාරි 16 වැනි දාට සළකා බලන ලෙස අනුරාධපුර වැඩබලන දිසා විනිසුරු මාලනී රනේපුර මහත්මිය අද (2) නියෝග කළේය.

තඹුත්තේගම ඉපිල්වත්ත පදිංචි ජූඩ් රනිල් ලෙනාඩ් මහතා නීතිඥ සුරංග මොහොටිටි මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටිනුයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.