(හර්ෂණ තුෂාර සිල්වා)
මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී
දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
කතරගම රූමතිය යන නමින් හැඳින්වු ප්‍රේමවතී මනම්පේරී ඝාතනය සියැසින් දුටු කිහිපදෙනාගෙන් අයකු ලෙස සැලකෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා මියයනවිට 86 වැනි වියේ පසුවිය.
තෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු ලෙස වසර 1956 දී වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ සේවයට එක් වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා විශ්‍රාම යනවිට වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් විය.
ප්‍රේමවතී මනම්පේරිගේ පියා එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා යටතේ සේවය කළ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු බව ද පැවසේ.
70 සහ 80 දශකවලදී යාල වන උද්‍යාන භාරකරු ලෙස දෙවරක් කටයුතු කර තිබෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් මහතාගේ ඥාති සොහොයුරෙක් ද වෙයි.
එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ දේහය මේ වනවිට කළුතර තිසරණ සරණ වැඩිහිටි නිවාසයේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසාන කටයුතු සෙනසුරාදා 17 ගොමගමුව, කුලියාපිටිය පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

ඡායාරූප - ඩේස්මන්ඩ් වයිට් විසින් රචිත ‘වන දිවියේ පිය සටහන්“ කෘතිය ඇසුරිනි

