තිස්සමහාරාම බෝගහපැලැස්ස කොඩිගහ වැව අසල දී සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට මුව මස් තොගයක් කතරගම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයයේ උයමින් සිටි බව කියන වනජීවී නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වනජීවී කාර්යාලයයේ මුව මස් පිසින බවට වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාට ලද තොරතුරකට අනුව ඇමැතිවරයා අද සවස පොලිසිය සමග එහි ගියේය.
ඇමැති යන විට කුස්සියේ මුවමස් පැහැමින් තිබිනි.
කොඩිගහ වැව අසල දී අත්අඩංගුවට පත් මුව මස් තොගය කිලෝ 30කි.


