(රංජිත් රාජපක්ෂ)
වනජීවි නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (24) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
විෂය භාර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී වනජීවි නිලධාරින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සතියක් තුළ විසඳුමක් ලබාදෙන බවට අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව ඒ ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
වනජීවි නිලධාරීන් සිදු කරන රාජකාරී සඳහා පැය 150 කට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉකුත් 20 වැනිදා සිට පැය 8 ක සේවා කාලයක් සිදු කිරීමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබූ අතර ඉකුත් 21 වැනිදා සිට දිවයින පුරා වනජීවි කාර්යාල වසා දැමීමටද වනජීවි නිලධාරීන් කටයුතු කර තිබුණි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදු වූ අපහසුතාවයන් පිළිබඳව සිය කණගාටුව පල කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

