වන නිලධාරියා අල්ලස් දැලේ


(එම්.කේ.නන්දසේන)

අල්ලසක් ලබාගත් බව කියන කතරගම බීට්ටු වන  කාර්යාලයේ නිලධාරියෙකු  අත්අඩංගුවට ගත් බව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.

කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ අනවසරයෙන් පදිංචි වී සිටින දරු පවුලකට එරෙහිව නඩු නොපැවරීමට නම් රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ඉල්ලා , රුපියල් එක්ලක්ෂ අසූ පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගනිද්දී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාර්යාලයේ ප්‍රධාන නිලධාරියා බව කියන මොහු කුලියාපිටිය මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පැවසේ.