වතුර ඉල්ලා පොළොන්නරු ගොවියන් මහා පාරේ


තම කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලබාදෙන ලෙස ඉල්ලා තඹල, පුලස්තිගම හා සුංගාවිල ගොවියෝ සෝමාවතිය පාරේ දැල්පාලම අසල ඇරැඹූ උපවාසය සවස්වනතුරුත් අවසන් නොවි තිබුණාහ. පරාක්‍රම සමුද්‍රයෙන් ලැබෙන ජලය වගාවට ප්‍රමාණවත් නොවෙතියි  කියන ඔවුහු ඊට විසැඳුමක් දෙන තුරු උද්ඝෝෂණ සිදුකරන බව ගොවියෝ කියති. පොළොන්නරුව තමන්කඩුව දෙදිසාවේ ද්විතිය අධිකරණ සංඝනායක යටිහලගල උපතිස්ස හිමියෝද ඊට එක්ව සිටිති.