වතුර ඉල්ලා ගොවීහු වීදි බසිති


පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය යටතේ යල කන්නයේ වගා කළ කුඹුරු අක්කර හතලිස්දාහකට ජලය ඉල්ලා ගොවීහු දහසකට වැඩි පිරිසක් අදත් උද්ඝෝෂණයක් කළහ. ජලය නොලැබුනහොත් කුඹුරු මැරී යතියි ගොවීහු කියති. එහෙත් එම ගොයම බේරාගැනීමට තරම් ජලය එහි නැතැයි ඉංජිනේරුවෝ කියති.