දැරණියගල නූරිය වත්තේ අධිකාරී රත්මලානේ එම් නිහාල් පෙරේරා මහතා වත්තේ තේ කම්හල අසළදී කපා කොටා මරා දමා ඇතැයි දැරණියගල පොලිසිය කියයි.
ඔහුගේ ආරක්ෂකයන්ට ද පහර දී තුවාල සිදු කර ඇතැයි ද ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.
නිල නිවසේ සිටි ඔහු බලෙන් රැගෙන ගොස් මරා දමන්නට ඇති බවත්, පස් දෙනකු පමණ ඒ කණ්ඩායමට අයත් වන්නට ඇති බවත් පොලිසිය අනුමාන කරයි.