වත්තේගම ආදාහනාගාරයේ පිපිරීමක්
වත්තේගම ඉහළ යටවර ආදාහනාගාරයේ සිරුරක් ආදාහනය කිරීමට සූදානම් වෙද්දී ගෑස් පද්ධතියේ වූ අවහිරතාවක් පිරික්සීමට එහි ඇතුළු වූ වත්තේගම නගර සභාපති ඇතුළු හය දෙනෙක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබුහ. ගෑස් නළයක් පිපිරීම ඊට හේතුව බව දැනගන්න ඇත. සිරුරද අඩක් පිළිස්සී තිබිණි.

