වත්තල ඕ.අයි.සී. රිමාන්ඞ් හරකුන් පැටවුන් කරලා


නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් සාවද්‍ය ලෙස ක‍්‍රියා කළැයි වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් රත්නායක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. හොරෙන් ප‍්‍රවාහනය කළ ගවයන් 13 දෙනකුගෙන් වැඩුණු ගවයන් තිදෙනකු අයිතිකරුට දී රුපියල් පනස් දහසක අල්ලසක් ගෙන පැටවුන් තිදෙනකු උසාවියට ඉදිරිපත් කළැයි කියන සිද්ධියක් ගැන ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන බවත් තවත් තිදෙනකුට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වෙන බවත් මාධ්‍ය ප‍්‍රකාශක කියයි.