වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක්
අම්පාර වඩිනාගල සවිකැර ඇති භූ කම්පන මානකවල සටහන් වන චලන වලට හේතුව සොයා ගැනීමට නොහැකි වී ඇතැයි එහි ගොස් සිටින භූ විද්‍යාඥයෝ කියති. ගල්ඔය වනෝද්‍යාන පැත්තෙන් මහා හඬින් අද දෙවරක්ම ශබ්ද ඇසුණු බවත් භූ චලනයකදී එවැනි ශබ්ද නොඇසෙන බවත් ඔවුහු කියති. ඉඟිනායාගල සේනනායක සමුද්‍රය පැත්තේ මහා කැලේ කිසියම් රහසිගත පිපිරීමක් වෙතියි ඇතැමෙක් කියයි.

