වකුගඩු රෝගියෙකුගේ දීමනාව රුපියල් 2000කින් ඉහළට


වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
 
ඒ අනුව මෙතෙක් කාලයක් ලබා දුන් රුපියල් 3000ක මාසික දීමනාව ඉදිරියේ දී රුපියල් පන් දහස දක්වා වැඩි කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයය කියයි.