ලෝන් බෝල් ක‍්‍රීඩාව ශ්‍රී ලංකාවටත් එයි


ලොව පුරා ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්වෙමින් පවතින ‘ලෝන් බෝල්’ ක‍්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා ලෝන්බෝල් සංගමය දැන් ක‍්‍රියාත්මකවේ. ලෝන් බෝල් සංගමයේ ලේකම් සුසිල් රාමනායක මහතා පවසන්නේ ලෝන් බෝල් ක‍්‍රීඩාව වයස 6 සිට ඕනෑම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවකට පහසුවෙන් නිරතවිය හැකි ක‍්‍රීඩාවක් වන බවයි. වසරකටත් අඩු කාලයකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා ලෝන් බෝල් සංගමය තරග පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ද රාමනායක මහතා පැවසීය. මීටර 23 ත් මීටර 39 ත් අතර දුර ප‍්‍රමාණයක කෘතිම පථයක් දිගේ එක් පන්දුවක් අනෙක් පන්දුව ආසන්නයට නිවැරදිව යොමු කිරීම මෙම ක‍්‍රීඩාවේ සරළ ස්වභාවයයි. ‘‘ලෝන් බෝල් ක‍්‍රීඩාවේ නිරතව තරග නීති දන්නා ක‍්‍රීඩකයන් 15 දෙනෙක් පමණයි දැනට අප හඳුනාගෙන තිබෙන්නේ. අපට ක‍්‍රීඩාව පවත්වාගෙන යාමට ස්ථානයක් අවශ්‍යව තිබෙනවා. ක‍්‍රීඩාවේ නිරතව මේ ක‍්‍රීඩාව පිළිබඳ දැනුමක් තිබෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අප හා සම්බන්‍ධවන ලෙස විවෘත ආරාධනයක් කරන බව’’ රාමනායක මහතා පැවසීය. මේ පිළිබඳ වැඩි විස්තර www.worldbowlsltd.co.uv යන වෙබ් අඩවියෙන් හා 0777361100 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය.