ලෝකාපවාදයෙන් බේරෙන්න ඉන්දියාවට බෑ


බුද්ධගයාවේ මහාබෝධි විහාරයට පහරදීමේ තැතක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදී එය වැළැක්වීමට නොහැකිවීයැයි භාරතීය ජනතා පක්ෂය හා ඉන්දියාවේ වෙනත් පක්ෂ ඉන්දියා රජයට හා බිහාර් ප්‍රාන්ත රජයට චෝදනා කරයි.

අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පූජනීය ස්ථානයකට ප්‍රමාණවත් ආරක්ෂාව දීමට නොහැකිවීම ගැන ලෝකාපවාදය බිහාර් ප්‍රාන්ත රජයටත් මධ්‍යම රජයටත් හිමිවනු ඇතැයි ද ඔවුහු කියති.

බුද්ධගයාවට පහර දෙන බව කල් ඇතුව කියා තිබියදී සුදුසු ආරක්ෂක වැඩපිළිවළක් නොයෙදීම ගැන මධ්‍යම රජයත් බිහාර් ප්‍රාන්ත රජයත් වග කිවයුතුයැයි ද, අනාගතයේදී එවැනි දේ සිදුවීමට ඉඩ නොදියයුතු යැයි ද භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක ප්‍රකාශ් ජවාදෙකාර් කියයි.