ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වෛද්‍ය ජාසිංහ


(රංජන් කස්තුරි)
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්ව තිබේ.
 
ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එම තනතුර පිරිනමා ඇත.
 
එම ධූරය වසරක කාලයක් සඳහා වලංගු වේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීම ජිනීවාහිදී ඉකුත් 3 වැනි දින ආරම්භ වූ අතර පෙබරවාරි 8 වැනි දින දක්වා පැවැත්වේ.