ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා එපා කියයි


(රංජන් කස්තුරි)

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන විදේශගත වීමට තමාට නොහැකි බවද ඇමැතිවරිය කීවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුවේ රැස්වීම සඳහා තමාට විදේශ ගත වීමට නොහැකි හෙයින් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යැවූ බවද ඇමැතිවරිය කීවාය.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු උප සභාපතිධූරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට ලැබෙනු ඇතැයි ද ඇමැතිවරිය කීවාය.