ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 17 වැනි වතාවටත් සංවිධානය කළ "ලෝක සාමය උදෙසාවූ අන්තර් ආගමික සමුළුව" විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
මේ වසරේ සමුළුවට බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාමීය,යුදෙව්, සව්රාෂ්ට,චාන් අහිංසක විතය පරමාර්ථ කොටගත් ක්‍රිස්තියානි නිකාය සහ මහාවීර පදනම ද නියෝජනය කැරිනි.
ආගමික නියෝගිතවරු ඔවුන්ගේ ආගමානුකුල යාච්ඥා පැවැත්වුණ අතර ආගමික සහජීවනයේ අවශ්‍යතාවය පැහැදිලි කළ දේශනා පැවැත්විණ.
සද්ධාතිස්ස විහාරස්ථානයේ නේවාසික භික්ෂුන්වහන්සේ සෙත්පිරිත් දේශනා කර පැමිණ සිටි සියල්ලටම සෙත් පැතුහ.
.jpg)
.jpg)

