කොරෝනා වයිරසය හේතුවෙන් පහළ යමින් තිබෙන ලෝක තෙල් මිල ගණන් අද (06) සියයට 5.0 කින් තවදුරටත් පහළ ගියේය.
තෙල් නිමැවුම සීමා කරන්නැයි ද ඔපෙක් සංවිධානය පසුගිය දා නිර්දේශ කළ අතර එය ප්‍රමාද කරන්නැයි ද රුසියාව ඉල්ලා ඇත. ඔපෙක් සංවිධානය තුළ සිටින රුසියාවේ මිත්‍ර රටවල් එම ඉල්ලීම කර තිබිණි.
උතුරු මුහුදින් ගන්නා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 47.02ක් දක්වා පහත වැටුණු බව ලන්ඩන් නුවරින් වාර්තා විය.
2017 වසරේ ජූලි මාසයෙන් පසු ලන්ඩන් වෙළෙඳපොළේදී උතුරු මුහුදින් ගන්නා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එතරම් පහළ වැටුණු පළමු අවස්ථාව එය විය.
‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්‘ හි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 43.28 ක් දක්වා පහත වැටුණු අතර 2018 න් පසු වාර්තා වූ අඩුම අගය එය විය.
ඒ.එෆ්.පී.
055

