ලෝක විනාශය ඉස්ලාමීය ඇසින්
ලෝකයේ සෑම රටකම මේ දිනවල කතා බහට ලක්ව ඇති ප‍්‍රධාන මාතෘකාව වනුයේ ලබන 21 වන සිකුරාදා සිදු වන බව කියන ලෝක විනාශයයි. සෑම ආගමක්ම ලෝක විනාශය පිළිබඳව පැහැදිලිව කියා තිබියදී ආගම් අදහන මෙන්ම ආගම් විශ්වාස නොකකරන ඇතැම් පිරිස්ද ලෝක විනාශය පිළිබඳව දෙගිඩියාවකින් කතා කරති.
එසේ නමුත් ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම් ජාතිකයන්ට ලෝක විනාශය ඔය කියන දිනෙයේ සිදු වන බව කිසි සේත් විශ්වාස කළ නොහැක. ලෝක විනාශය අනිවාර්යනේ සිදු වන බව ප‍්‍රකාශ කරන ඉස්ලාමය එය විශ්වාස කිරීම මුස්ලිම් ජනතාවට අනිවාර්ය කර ඇත . එසේ නමුත් ලෝක විනාශය සිදු වන දින වකවානු පැහැදිලිව කියා නොමත . නමුත් ලෝක විනාශයට පෙර සිදු වන පෙර නිමිති රැසත් ඉස්ලාමය පැහැදිව සඳහන් කර තිබේ. ඒවා විශ්වාස කිරීමද මුස්ලිම්වරුන්ට අනිවාර්ය කර ඇත. එම පෙරනිමිති පිළිබඳව සලකා බැලීමේදී අවම වශයෙන් තව වසර ගණනාවකට ලෝක විනාශයක් සිදු විය නොහැක.
ඉස්ලාම් ධර්මය සඳහන් කරන ආකාරයට ලෝකය විනාශ වන්නට පෙර ප‍්‍රධාන පෙර නිමිති කිහිපයක් සිදු විය යුතුය ඒ අතර
01 දජ්ජාල් නම් දරුණු පුද්ගලයෙකු මෙලොවට බිහිවීම
02 නබි ඊසා (අලෙ) තුමන් (යේසුස් වහන්සේ) නැවත ලොවට බිහිවීම ( ඉස්ලාම් ධර්මයට අනුව යේසුස් වහන්සේ මිය ගියේ නැත . උන් වහන්සේව දෙවියන් වහන්සේඋන් වහන්සේ වෙත ඔසවා ගත්හ. එතුමන් නැවත මෙලොවට බිහි වන බවත් දජ්ජාල් නම් දරුණු පුද්ගලයාගෙන් ජනතාව බේරා ගෙන වසර හතළිහක් ජීවත්වන බවත් ඉස්ලාමය කියයි.)
03 විශාල දුමාරයක් ඇති වීම
04 ලෝකයේ විශාල භූමිකම්පා තුනක් ඇති වීම එයින් එකක් අරාබිය ආශ‍්‍රිතව සිදුවීම
05 යහ්ජූද් මහ්ජ්ද් නමින් හදුන්වන ජන වර්ග දෙකක් බිහි වීම. එම ජන වර්ගයන් අගල් හයත් අඩි එක හමාරත් අතර උසකින් යුක්ත වෙති. ඔවුන් ලොවට බිහිව සාමාන්‍ය ජනතාවට විශාල වශයෙන් හිරිහැර කරමින් ජීවත් වෙති මේ වන විට ලොවට බිහිව ඇති නබි ඊසා (අලෙ) තුමන් ඔවුන්ගෙන් තම ජනතාව බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගනිති.
06 යෙමනයෙන් විශාල ගිනි ජාලාවක් මතු වීම
07 මිනිසුන් සමග සාමාන්‍යායන් කතා කරන සුවිශේෂ සත්වයෙකු බිහිවීම
08 හිරු බටහිරෙන් පායා එම ආදිය ලෝක විනාශ වන්නට පෙර සිදු විය යුතුය .
මේ සියලූ පෙර නිමිති ඇති වීමෙන් පසුව වුවද ලෝකයේ අවසන් යහපත් මිනිසා ජීවත්වනතුරුත් ලෝක විනාශය සිදු නොවන බව ඉස්ලාමය කියයි. සියලූ යහපත් මිනිසුන් විනාශ වීමෙන් පසුව ම්ලේච්ච සමාජයක මිනිසුන් සහ ගැහැණුන් අවිචාරවත්ව ජීවත් වෙති. ඔවුන්ගේ අවිචාරවත් ක‍්‍රියාවන් ඉවසා ගත නොහැකිව දෙවියන් වහන්සේ ලෝකය විනාශ කරන බව ඉස්ලාමය සඳහන් කරයි.
ලෝක විනාශයට පෙර ලොවට බිහිවන දජ්ජාල්න නම් ඒ දරුණු පුද්ගලයා දින 40 ක් ජීවත් වෙයි. ඔහු ජනතාව කපා කොටා විශාල විනාශයක් කරයි. ඔහු විනාශ කිරීම සඳහා නැවත ලොවට බිහි වන ඊසා නබි තුමන් වසර හතළිහක් ලෝකයේ ජීවත් වෙයි. මේ සියලූ ආගමික සිද්ධාන්තයන් සලකා බැලීමේදී ලබන 21 වනදා සිදු වන බව කියන ලෝක විනාශය මුස්ලිම්වරුන් විශ්වාස නොකරති. නමුත් ලෝකයේ තැනින් තැන සිදු වන විනාශයන් ඉස්ලාමය අනුව ලෝක විනාශයට අයත් නොවේ.

