ලෝක විනාශ ඕපාදූපය විනාශ වේ
ලෝකයේ අවසානවය අද යැයි පතල වූ බිය ජනක ඕපාදූපය, ඕපාදූපයක්ම යැයි ඇමෙරිකා රජය බ්ලොග් අඩවියකින් ප්‍රකාශයට පත් කළේය.
දෙසැම්බර් 21 වැනිදා අද ලෝකාවසානය වෙතියි ඒත්තු ගත් දහස් ගණනක් ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ (නාසා) විද්‍යාඥයන්ට ලියුම් එවා ඇත. ඔවුන් ඒ මිත්‍යා මතය ලැබී ඇත්තේ පුරාණ මායා දිනදර්ශනයෙනි.
යෝධ වල්ගාතරුවක් පෘතුවියේ හැපෙතියි ඇතැමෙක් විශ්වාස කළහ. තවත් ඇතැමෙකුගේ මතය වූයේ මහ පොළොව තවත් ග්‍රහලෝකයක ගැටෙන බවයි.
තරුණයන් බොහෝ දෙනකු කියා ඇත්තේ බයිබලයේ සඳහන් පරිදි ලෝක විනාශය සිදුවන නිසා තමන් සිය දිවි නසා ගැනීමට අදහස් කරන බවට තරුණයන් කිහිප දෙනෙකුගෙන් තමන්ට ලිපි ලැබුණැයි නාසා ආයතනය කියයි.
2012 දෙසැම්බර 21 අද හෝ 2012 වෙනත් දිනයක ලෝකය විනාශ නොවන බව එම බ්ලොග් අඩවිය කියයි.
දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ වන බවට මායා කැලැන්ඩරය ප්‍රකාශ කර නැති බවත්, නිබිරු නම් ග්‍රහයා පොළොව දෙසට යතියි කියන කතාව මිත්‍යාවක් බවත්, එවැනි ග්‍රහයකු තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන නැති නාසා විද්‍යාඥයෝ කියති.
ලෝක විනාශය ගැන අනාවැකි කියන්නන්ගෙන් වැසියන් බේරා ගැනීමට වෙහෙසෙනුයේ ඇමෙරිකාව පමණක් නොවේ.
ලෝක විනාශයක් ළඟ නැති බව රුසියාව ද මහජනයාට දැන්වීය. දකුණු ප්‍රශයේ ගුප්ත බලයක් ඇතැයි කියන ගමකට සරණාගතයන් ලෙස අද පැමිණීමට සැරසෙතියි කියන පිරිස්වලට එම පෙදෙස් තහනම් කැර ඇත.
අදින් පසු ලොව ඉවරයැයි අන්තර්ජාල වෙබ් අඩවි, මිනිසුන් බිය ගන්නා වාසි ගන්නා අය බොරු කතා පතුරුවන බව ඇමෙරිකාව කියයි.
බෙල්ජියමේ ආධුනික තාරකා විද්‍යාඥයකු බව කියාගත් පැට්‍රික් ජෙරිල් නැමැත්තෙක් එවැනි ඔන්ලයින් වෙබ් අඩවියකින් කියනුයේ තෙසතියකින් ලෝකය නැති වන බවයි. සපත්තු කුට්ටම් පහළවක් විස්සක් එකතු කර ගන්නා ලෙසත්, හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින ලෙසත් ඔවුනට උපදෙස් දෙයි.
ඔහුගෙන් සමූඛ සාකච්ඡාවක් ඉල්ලූ විට පැවසූයේ සමූඛ සාකච්ඡා සඳහා කාලයක් නැති බවයි. ‘අපේ ශිෂ්ටාචාරයේ අවසන් දින කිහිපයේ ජොලියෙන් ඉන්න ඕනෑ‘ යැයි ඔහු ඇමෙරිකා බ්ලොග් අඩවියට විද්‍යුත් තැපෑලෙන් දැන්වීය.

