ලෝක පාසල් චෙස් තරගාවලියේදී වොනාරාට පස්වැනි තැන
රුමේනියාවේදී පැවැති 8 වැනි ලෝක පාසල් (කේවළ) චෙස් ශූරතාවලියේදී වොනාරා ගුණතිලක, හර්ෂණ තිලකරත්න සහ යසස් ළමාවංශ දස්කම් දැක්වීමට සමත්වුහ. රත්නපුර ෆර්ගෂන් උසස් බාලිකා විදුහලේ වොනාරා 7 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයේ පස්වැනි ස්ථානය ලැබීය.
කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න 9 න් පහළ (බාලක) ඉසව්වේ හයවැනි ස්ථාන ද, ත‍්‍රිත්ව විදුහලේ යසස් ළමාවංශ 17 න් පහළ (බාලක) වයස් කාණ්ඩයේ 6 වැනි ස්ථානය ද ලැබුහ.

