ලෝක ටෙස්ට් ශූරතාවලිය 2017 එංගලන්තයේදී


මුල්ම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2017 දී එංගලන්තයේදී පැවැත්වීමට තීරණය කළ බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කරයි.

ලන්ඩන් නුවර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවැති වාර්ෂික සැසිවාරයෙන් අනතුරුව ප‍්‍රාරම්භක ලෝක ටෙස්ට් ශූරතාවලියේ සත්කාරකත්වය එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් පාලක මණ්ඩලයට හිමිවන බවත්, ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය මින් ඉදිරියේදී නොපැවැත්වෙන බවත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කළේය.

”මුල්ම ලෝක ටෙස්ට් ශූරතාවලිය වසර 2017 ජූනි සහ ජූලි මාස වලදී එංගලන්තයේදීත් එහි දෙවැන්න වසර 2021 පෙබරවාරි/මාර්තු මාසවලදී ඉන්දියාවේදීත් පැවැත්වෙනු ඇත” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මාධ්‍ය නිවේදනයක සටහන් වී තිබිණ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය මේ වසරේදී (2013 දී) පැවැත්වීමට කලින් සැලසුම් කරන ලද නමුත් කි‍්‍රකට් තරග විකාශන සමාගම් සහ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අතර පැවැති සාකච්ඡුා වට ගණනාවකින් පසුව එම තරගාවලිය වසර 2017 දක්වා කල්දමන ලදි.

පසුගියදා නිමාවූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කෙටි බවත් එහි සාර්ථකත්වයත් නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලිය තවදුරටත් පැවත්වාගෙන යා යුතු යයි කි‍්‍රකට් බහුශ‍්‍රැතයන්ගේ මතය වුවද කි‍්‍රකට් කී‍්‍රඩාවේ දීර්ඝතම ආකාරය සඳහා වඩාත් උසස් මට්ටමේ ලෝක ශූරතාවලියක් සඳහා ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතහැර දැමිය යුතු යයි අන්තර්ජාතික කි‍්‍රකට් බලධාරීහු තීරණය කළහ.

”ටෙස්ට් ශූරතාවලිය පැවැත්වෙන බව තීරණය කර අවසන්. දැන් අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අනෙකුත් විධිවිධාන සැලසුම් කළ යුතුයි” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පැවසීය.