ලෝ පරසිදු ගායකයා ලංකාවේ


ලෝක ප්‍රකට ඇමෙරිකා ගායක ගීත රචක ලයනල් රිචී (62)අද සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.ඔහු ගිත රචකයෙකි සංගීතඥයයෙක් හා  නළුවෙකි.

ඔහුගේ ගිත තැටි දස කෝටියකට වඩා ලොව පුරා අලෙවි වී ඇත.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ උපත ලැබු රිචී ඕබන් සරසවියෙන් උපාධිය දිනා ගත්තේය.

ඇක්සස් සමූහ ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරයට මොහු ඇතුළු වාදක මණ්ඩලයේ 8 දෙනකු පැමිණි අතර ඔවුන් සහභාගීවන ඇක්සස් ආයතනයේ සංවත්සර ප්‍රසංගය ඔක්තෝබර් 11 වැනිදා කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවැත්වේ.

Still1009_00001 Still1009_00006