ලෝ ජර්නල් කෘතිය එළිදැක්වීම හෙට


(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥ සංගමය  එළි දක්වනු ලබන ‘‘ The chief Magistrate court Low Journal හි දෙවැනි වෙලුම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධිකරණයේ නිතීඥ සංගම් හමුවීම් ශාලාවේදී හෙට (16) පැවැත්වේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න, ආදිත්‍ය පටබැදි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ සාලිය පීරිස්, ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න, ජනාධිපති නිතීඥ නලීන්ද ඉන්ද්‍රතිස්ස, යන මහත්වරුන් ඇතළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිත අතර, එහි ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති නිතීඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා විසිනි.

මෙම ග්‍රන්ථයේ සංස්කරණය නිතීඥ චින්තක ප්‍රනාන්දු මහතාගේ සංස්කරණයකි.