සබරගමුව සරසවියේ පර්යේෂණ මා වී ගස අද වන විට අඩි 12ක් උසට වර්ධනය වී තිබිණ. මේ අනුව ලොව උසම වී ගස මෙය බව පෙනේ යැයි සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී අයි යාපා කියයි.
මෙතෙක් ලොව උසම වී ගස ලෙස ගිනස් වාර්ථාවක් හිමි කැර ගත්තේ ඉන්දියාවේ නාගලන්ඩ්හි අඩි හත හමාරක් උස වී ගසකි.
සබරගමු වී ගස ජලය නොමැතිව වගා කළ හැකි අසළ නියඟයට ඔරොත්තු දෙන බව කියන ආචාර්ය යාපා කොළඹගේ ආරේ රෝපනය කළ වී ඇට වලින් පැළවූ පඳුරද හොඳින් වැඩෙන බව කියයි.
අස්වැන්න නෙළීමට හය මාසයක් ගත වන හෙයින් පෝෂණය අතින් ද එය ඉහළ තැනක් ගනිතියි ඔහු සඳහන් කරයි.



