ලොව පුරා රටවල් 70කට කොරෝනා ව්‍යාප්තවෙයි


කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3,100 ඉක්මවා ඇත.
 
එසේම, 90,0000ක් දෙනා ආසාදිත තත්වයේ පසුවෙති.
 
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ ආසාදිත පුද්ගලයකු සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීමේදී, විශේෂයෙන් ඔහු කිවිසන විට පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වශයෙන් මෙය බෝවන බවය.
 
මේවනවිට චීනයේ පුද්ගලයන් 2,900ක් මියගොසිනි. 80,1000ක් ආසාදිත තත්වයේ පසුවෙති.
 
ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආර්මේනියාව, ඕස්ට්‍රේලියාව, බහරේන්, බෙල්ජියම, බ්‍රසීලය,  කැනඩාව, ඩෙන්මාර්කය, ඉක්වදෝරය, ඊජිප්තුව, ෆින්ලන්තය, ජර්මනිය, හොංකොං, ග්‍රීසිය, ප්‍රංශය, ඉන්දියාව, කුවේටය, මැලේසියාව, නේපාලය, නවසීලන්තය, නෝවේ, පිලිපීනය, රුසියාව, පකිස්ථානය, කටාර්, ඕමානය, සවුදි අරාබිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, වියට්නාමය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70කට වයිරසය ව්‍යාප්ත ව ඇත.
 
 (සීඑන්එන් ඇසුරිනි)
  16844