ලොව පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම අරමුණයි
මෙම වසර අවසන් වීමට පෙර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම සිය අරමුණ බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් නුවර සිට අද (6)පැවසීය.
ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින නිලූක පවසන්නේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල අවසන්වීමෙන් පසුව තමන්ට තවදුරටත් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවන බවයි. ලොව පළමු බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් 10 දෙනා අතරට ඒම තම ක‍්‍රීඩා දිවියේ ඉලක්කය යැයිද නිලූක වැඩි දුරටත් පැවසීය.
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ මුලික වටයේදී නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් දැක් වු ඉහළම දස්කම ලෙස ද එය වාර්තාවේ.

