(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)
යතුරු පැදියක ගමන්ගත් තරුණ නීති ශිෂ්‍යයකු නිට්ටඹුව හංවැල්ල මහා මාර්ගයේ වතුපිටිවල මඩුවේගෙදර දී අද (23) රාත්‍රී 7.00ට පමණ ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ කුඹල්ඔළුව පදිංචි විජයසිංහ නිසල තේනුක නැමැති 22 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
යතුරුපැදිය සමඟ මහාමාර්ග මත පෙරළී ඇති මෙම ශිෂ්‍යයා මාර්ගය මත ඇඳීයාමේදී ලොරි රථයකට යට වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.
ලොරි රථය සහ එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පැවසීය.

