ලොරිය සුපිරමග අවහිර කරයි
තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට කොට්ටාව මං තීරුව අවහිර විය. දොඩංගොඩ පිවිසුමෙන් වාහන හරවා යැවිණි. ලොරියේ ටයරයක් පිපිරීම අනතුරට හේතුවයි. තුවාල ලැබූ රියැදුරා රෝහල්ගත කරනු ලැබීය.

